ජනමාධ්‍ය ඇමති තවමත් කෙහෙළිය


ශ්‍රී ලංකාවේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ වෙබ් අඩවියට අනුව තවමත් ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාය. චරිත හේරත් මහතා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙයි.

නව රජය පත්වීමෙන් පසු ජනවාරි 12දා ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස ගයන්ත කරුණාතිලක මහතා පත්වූයේය. ඔහු එම අමාත්‍යාංශයේ රාජකාරී ආරම්භ කළේ ජනවාරි 16 දින දීය. අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කරුණාරත්න පරණවිතාන මහතා කටයුතු කරයි.

අන්තර්ජාලයේ ගූගල් සෙවුම් යන්ත්‍රය භාවිතා කර ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු සෙවූ විට එමගින් ලැබෙන රාජ්‍ය තොරතුරු කේන්ද්‍රෙය් සබැඳියට ගිය විට මේ සාවද්‍ය තොරතුරු දැක්වෙයි. එම සබැඳිය පහත දක්වා ඇත.

http://www.gic.gov.lk/gic/index.php?option=com_org&id=44&task=org&lang=si&Itemid=